Announcement Regarding Online Education – Department of Technical Education & Training

info@dtet.gov.lk

+94 112 421 580

Announcement Regarding Online Education

Announcement Regarding Online Education

සියළුම සිසුන්ගේ දැනගැනීම සඳහා

පවතින වසංගත තත්වය පැතිරීයාමේ අවධානම හමුවේ අපගේ විද්‍යාලයන්හි පන්ති කාමර ඉගැන්විම් නවතා දමා ඇති බව මේ වන විටත් ඔබ දැනුවත්ව සිටී. එහෙත් අපගේ පාඨමාලා සඳහා ලියාපදිංචි වී සිටින සිසුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා විද්‍යාල වසා දමා තිබෙන කාලය තුල සියළුම න්‍යායාත්මක විෂයයන් (වැඩහල් ආශ්‍රිත ප්‍රායෝගික විෂයයන් හැර) මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු.

පවතින අවධානම් තත්වය හමුවේ මෙලෙස මාර්ගගත (Online) ක්‍රමයට විෂයය නිර්දේශයේ යම් ප්‍රමාණයක් ආවරණය කරගතහොත් විද්‍යාල නැවත විවෘත කල පසු ඉතිරිව ඇති අධ්‍යයන කාලය තුල ප්‍රායෝගික ඉගෙනුම් සම්පූර්ණ කර සිසුන් හට නොපමාව අවසන් විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි.

එබැවින් කරුණාකර සියළුම සිසුන් තම තමන්ගේ පාඨමාලාභාර උපදේශකවරුන්, අංශ ප්‍රධානීන් හෝ විදුහල්පතිවරුන් සමග සම්බන්ධ වී අදාළ මාර්ගගත (Online) ක්‍රමයට සිදුකෙරෙන ඉගැන්වීම් සැසි සඳහා සහභාගී වීමට නොපමාව කටයුතු කරන මෙන් දන්වා සිටිමි.