info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතියේ පරිසරය

කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතියේ පරිසරය

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණුව සපයන්නන්, ප්‍රමාණ හා විෂයමාලා සංවර්ධන නියෝජිත ආයතනය සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ විෂය යටතට ගැනෙන තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් ක්‍රියාත්මක වන නිත්‍ය මණ්ඩල ඇතුලත් වූ නියෝජිත ආයතන රාශියක් මගින් ශ්‍රී ලංකාවේ කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතිය පිලිඹිඹු වී ඇත. අදාල නිපුනතා ප්‍රමාණයන් හා විෂය නිර්දේශ සංවර්ධන නියෝජිත ආයතනය ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය (NITESL), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) හා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය(Univotec) පෙර හඳුනාගෙන තිබිණ. NVQ පද්ධතිය මගින් පැමිණෙන්නන්හට මෙන්ම කර්මාන්ත අංශයේ නියුතු හා උපාධි මට්ටමේ අධ්‍යාපනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන්නන් හට උපාධි මට්ටමේ අධ්‍යාපනය සැපයීමේ කාර්යයන් සමග තාක්ෂණ විශ්ව විද්‍යාල 2008 දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල පනතේ විධිවිධාන වලට අනුකූලව Univotec පිඨය ඇති කරන ලදී. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ආධුනිකත්ව පුහුණුව සපයන ප්‍රමුඛ නියෝජිත ආයතනය ලෙස ක්‍රියාකරයි. එය ජාතික පුහුණු ආයතන 03ක්, එනම් ආධුනිකත්ව පුහුණු ආයතනය(AIT), ස්වයං චලන ඉංජිනේරු පුහුණු ආයතනය (AEIT), සහ ඉංජිනේරු තාක්ෂණ ආයතනය(IET) යන ඒවා කලමණාකරනය කරනු ලබයි.

2009 වසර අවසානය වන විට, ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රමුඛ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා ඉදිරිපත් කිරීම සඳහා කාර්මික විද්‍යාල 09ක් තාක්ෂණ විද්‍යාල(CoTs) බවට උසස් කරනු ලැබූ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, දිවයින පුරා විහිදුනු කාර්මික විද්‍යාල 38ක් මෙහෙයවයි. ආසියා සංවර්ධන බැංකුවෙන් ආධාර ලබන කාර්මික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය(TEDP) මෙම ආරම්භය සඳහා අරමුදල් සපයයි. ආසියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයද(KOICA) මෙම වැඩසටහන සඳහා අරමුදල් සපයයි.

වසර 2007 දී, නිපුනතා සංවර්ධන ව්‍යාපෘතියේ අනුප්‍රාප්තිකයා වූ කාර්මික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය, NVQ 5 මට්ටම හා ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සහ NVQ මට්ටම 7, උපාධියට සමාන සුදුසුකම් ප්‍රධානය කිරීම සඳහා වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පරිසරය සකස් කිරීම සම්බන්ධ කටයුතු වලට පුධාන වශයෙන් යොමු විය.

වෘත්තීය පුහුණු අධිකාරිය මගින් රට පුරාම ග්‍රාමීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන (RVT’S), විශේෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන (SVTCS), දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන (DVTCS) සහ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන (NVTCS) ජාලයක් ක්‍රියාකරවයි. 2009 වසරේ අවසානය වන විට, වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පුහුණු මධ්‍යස්ථාන 270ක් පාලනය කළේය. යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ වූ ජාතික තරුණසේවා සභාව (NYSC) නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල වෘත්තීය පුහුණු පාඨමාලා සංවිධානය කරයි. ඊට අමතරව වෙනත් රාජ්‍ය අංශයේ නියෝජිත ආයතන, විවිධ ප්‍රදේශ වල පුහුණුව සපයයි. කර්මාන්ත ‍ක්ෂේත්‍රයේ වූ පෞද්ගලික අංශයේ ආයතන, ඔවුන්ගේ සේවකයින්ට මෙන්ම විවිධ තනතුරු දරන බාහිර පුද්ගලයින්ටද, කාර්මික විශේෂිත වූ කාර්මික,වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පාඨමාලා ලබා දෙයි. ලියාපදිංචි පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන අංශයේ පුහුණු ආයතනද, කාර්මික,වෘත්තීය අධ්‍යාපන හා පුහුණුව සැපයීමෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. 2009 ඔක්තෝබර් අවසානයේ වාර්තා වූ පරිදි, පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන අංශයේ පුහුණුව සපයන්නන් 1010 ක් දිවයින තුල සිටියහ.

මෙම සියළුම සංවර්ධනයන්, කාර්මික,වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුවේ අවධානය ගන්නන් විසින් කරනු ඇති විවිධ කාර්යයන් ඉල්ලයි.